කෘෂි නිෂ්පාදන ප්‍රදේශ ඉලක්ක කරගෙන 2003 අප්‍රේල් 02 වන දින ආරම්භ කර වෙළෙද ඒකක 56 කින් සමන්විත වන සේ 2005 සැප්තැම්බර් 13 ජනතා අයිතියට පත් කළ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට ඉතා සක්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම රජරට කෘෂි නිෂ්පාදන ප්‍රදේශ වන නොච්චියාගම, තලාව, ගල්නෑව, බුල්නෑව, කලාවැව, මහඉලුප්පල්ලම, එප්පාවල, මීගලෑව, තඹුත්තේගම ආදී ප්‍රදේශ මෙන්ම රාජාංගනය, විල්පත්තුව, මහවිලච්චිය, තන්තිරිමලය, මැදවච්චිය, ඉඟිනිමිටිය, ආණමඩුව යන ප්‍රදේශ වලින් විශාල ගොවි ජනතාවක් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත තම අස්වැන්න අලෙවි කර ගැනීම සදහා දෛනිකව පැමිණෙයි. ආර්ථික මධ්‍යස්ථානය වෙත දෛනිකව පැමිණෙන ව්‍යාපාරිකයින් හා පාරිභෝගිකයින් සංඛ්‍යාව දළ වශයෙන් 3000 කට ඉහළ අගයක් ගන්නා අතර පැමිණෙන වාහන සංඛ්‍යාව 1000 – 1500 ත් ඉක්මවයි. තම ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය කර ගත් ගොවි ජනතාවක් සිටින ප්‍රදේශයක පවතින මෙම ආර්ථික මධ්‍යස්ථානය අනාගත අවශ්‍යතා මත සංවර්ධනය කොට පුළුල් කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පවතී. හැදින්වීම
කාර්යයන්
අරමුණු
තොග වෙළඳුන්ට නිෂ්පාදකයාගෙන් ඝෘජුවම නැවුම් එළවලු සහ පළතුරු ලබා ගැනිමට අවස්ථාවක් ලබා දීම
තරඟකාරී පරිසරයක් තුළ තොග වෙළඳාම් කරගෙන යාම තුළින් වෙළඳ ප්‍රජාව දිරිගැන්වීම