
කෘෂි නිෂ්පාදන ප්‍රදේශ ඉලක්ක කරගෙන ආරම්භ කල තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉතා සක්‍රීය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම රජරට ගොවි ජනතාවගේ දහදිය අස්වැන්න බවට පත් කොට මධ්‍යස්ථානය තුලට රැගෙන විත් අවම අතරමැදියන්ගේ මැදිහත් වීමකින් සාධාරණ මිලක් තම කෘෂි භෝග සඳහා ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානය මඟින් හැකියාව ලැබී ඇති බව විශ්වාස කරමි. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඩිජිටල්කරණය වූ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම මෙමඟින් තැබීමට අපේක්ෂා කරන අතර ගොවි මහතුන්, වෙළඳ මහතුන් හා පාරිභෝගිකයන් හට තම අවශ්‍යතා අපහසුතාවයකින් තොරව ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව, සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා මෙම වැඩපිළිවෙල පිටුවහලක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.