
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් රජරට ගොවි ජනතාවගේ හා වෙනත් ප්‍රදේශ වල කෘෂි නිෂ්පාදන තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීම තුලින් ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවා ගැනීමට හැකි වීම සම්බන්ධව තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ ලේකම් ලෙස අතිශයින් සතුටට පත් වෙමි. නව තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කිරීම තුලින් ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වන අතර පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු සහ පළතුරු සාධාරණ මිල ගණන් යටතේ බෙදා හැරීමට හා ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම මඟින් විධිමත් හා නවීන තාක්ෂණයෙන් යුතු ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. තවද, ආර්ථික මධයස්ථානය තුල ඇති යටතල පහසුකම් සංවර්ධනය කරමින් මධ්‍යස්ථානය තුලට පැමිණෙන සියළුම දෙනා සඳහා තම අවශ්‍යතා කඩිනමින් ඉටු කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ ලේකම් ලෙස බලාපොරොත්තු වෙමි.